Sunday 23 March 2014

ප්‍රංශයේ ආදර පාලම

                            Love lock Bridge

 

ආදරණීය ප්‍රංශය , පෙම්වතුන්ගේ පාරාදීසය ...  පැරිසියේ සිරි නරබමින් සෙන් නදිය අයිනෙන්   වැටිලා තියන පාරදිගේ අපි ඉදිරියටම ගියේ   පෙම්වතුන්ගේ ඉබි යතුරු පාලම (Love lock Bridge)බලන්න..
ප්‍රංශයේ ,පැරිස් අගනුවර  සෙන් නදිය හරහා තමයි මේ පාලම තියන්නේ.වැහිබර කාලගුණයක් තිබුනත් පාලම ලග පෙම්වතුන්ගේ අඩුවක් තිබුනේ නම් නැ .. සෙන් නදියෙන් එන සිතල සුළගත් , විවිදාකාර පෙම්වතුන්  දැක්කහම හරිම ආදරණිය හැගීමක් දැනෙන්නේ ..
 Pont de l'Archevêché  නමින් හදුන්වන  එක පැත්තකින් Louvre කෞතුකාගාරයත් අනෙක් අන්තයේ  Palais des Arts පිහිටා තිබෙන අතර , මෙය ලි හා යකඩ වලින් සාද න  ලද සෙන් නදිය හරහා යාමට ඉදි කෙරුන මගී පාලමක් ..
 
Pont de l'Archevêché 



ඉබි යතුරු පාලම

මේවගේ cruise එහෙක යනකොට තමයි උඩ  ෆොටෝ ගත්තේ ..

'' මෙතැනට එන පෙම්වතුන් ඉබියතුර ක  ඔවුන් ගේ නම් දෙක ලියල, පාලමේ අත් වැටේ  ඉබියතුර දාලා  ,අමරණියවූ  ප්‍රේමයක් සදහා  යතුර සෙන් නදියට විසිකරනවා ''.... 





මුළු පාලම ඉබියතුරු වලින් පිරි ඉතිරි ගිහින්...එක එක ජාතියේ ඉබි යතුරු ..බයිසිකල් ඉබ්බෝ ත්  දාල තියනවා ..හි ..හි ..

 

හරිම ලස්සන ඉබියතුරු තියනවා .. ඉබියතුර ඒ අවටින් මිලදී ගනත් පුළුවන් .. කළු ජාතිකයන් මෙතන ඉබි යතුරැ විකුනනවා .. නිකම් සාමාන්‍ය ඉබ්බෙක් යුරෝ 4ත් 5 වෙනවා .. යුරෝ 10-15 තත් ඉබ්බෝ ඉන්නවා .. ගොඩක් අය මෙතනින් අරගන්නේ .. එත් විශේෂයෙන්ම ඉබි යතුරු හදාගෙන ආව සංචරකයොත් හිටියා ..


හරිම ආදරණිය සිදුවීම් , සිප වැලද ගැනීම් වලින් පාලම පිරිලා ඉතිරිලා ගිහින් .. අපිනම් ඉතින් ඕව දිහා බැලුවේ නැ , අර ලස්සන, ලස්සන  ඉබ්බෝ දිහා තමයි බැලුවේ ..



 
2010 වසරේදී එක දවසක් උදැසන බලනකොට මේ ඉබ්බෝ එකක්වත් තිබුනේ නැ ලු .. ඒ පාලමේ පැවැත්මට මේ ඉබ්බන්ගේ බර තර්ජනයක් වෙලා නිසා රජයෙන් ඉබ්බෝ කපල දැම්ම කියල කියන්නේ .. එත් ඉතින් අයෙමත් වැඩේ පටන් අරගෙන .. ඒ වගේම යතුරු සෙන් ගගට විසිකරන් නිසා එකෙනුත්  පරිසර දුෂණය වෙනවා .. 

  ඉතින් ආදර ඉබි පාලමත් බලාගෙන අපි Louvre කෞතුකාගාරය  මොනාලිසා බලන්න යන්න පාර පැන්න..
 මේ පින්තුරු මම ම ගත්තු ඒවා ..
 ප :ලි 

“There are two bridges in Paris with the locks, you must be very careful which bridge you put your lock on because Pont des Arts is for your committed love, while Pont de l'Archevêché is for your lover.”

5 comments:

  1. හුග කාලෙකින් සටහනක් ලියල තියෙන්නෙ...
    කාලෙකින් වුණත් වැදගත් කතාවක්...
    මාත් යන්න ඕන දවසක ් ප්ලයිට්ටුවක නැගල ඉබ්බෙක් දාල එන්න හික්ස්

    ReplyDelete
    Replies
    1. ඔව් ..ඔව් ඉබ්බියෙක් එක්කම ගිහින් ඉබ්බෙක් දාල එන්න හි ..හි

      Delete
  2. ශා ෆ්රන්සේ කියන්නේ මන් යන්න ආසාවෙන් ඉන්න රටක්..මේවා ඔයාම ගත්ත ෆොටෝද ? ඔයා රට රටවල සංචාරය කරන කෙනෙක්ද...

    ReplyDelete
    Replies
    1. හරි ලස්සන ආදරණිය රටක් .. ඔව් මේවා මම ගත්ත ෆොටෝස් .. හ්ම් .. ගොඩක් රටවල් වල නෙමෙයි අපුර්වී .. රටවල් ටිකක .

      Delete
  3. නියමයි......අපිට යන්න බැරි තැන ගැන දිගටම ලියන්න එතකොට අපිට පුළුවන්නේ විස්තර කියවන්න...

    ReplyDelete