Sunday 23 March 2014

ප්‍රංශයේ ආදර පාලම

                            Love lock Bridge

 

ආදරණීය ප්‍රංශය , පෙම්වතුන්ගේ පාරාදීසය ...  පැරිසියේ සිරි නරබමින් සෙන් නදිය අයිනෙන්   වැටිලා තියන පාරදිගේ අපි ඉදිරියටම ගියේ   පෙම්වතුන්ගේ ඉබි යතුරු පාලම (Love lock Bridge)බලන්න..
ප්‍රංශයේ ,පැරිස් අගනුවර  සෙන් නදිය හරහා තමයි මේ පාලම තියන්නේ.වැහිබර කාලගුණයක් තිබුනත් පාලම ලග පෙම්වතුන්ගේ අඩුවක් තිබුනේ නම් නැ .. සෙන් නදියෙන් එන සිතල සුළගත් , විවිදාකාර පෙම්වතුන්  දැක්කහම හරිම ආදරණිය හැගීමක් දැනෙන්නේ ..
 Pont de l'Archevêché  නමින් හදුන්වන  එක පැත්තකින් Louvre කෞතුකාගාරයත් අනෙක් අන්තයේ  Palais des Arts පිහිටා තිබෙන අතර , මෙය ලි හා යකඩ වලින් සාද න  ලද සෙන් නදිය හරහා යාමට ඉදි කෙරුන මගී පාලමක් ..
 
Pont de l'Archevêché 



ඉබි යතුරු පාලම

මේවගේ cruise එහෙක යනකොට තමයි උඩ  ෆොටෝ ගත්තේ ..

'' මෙතැනට එන පෙම්වතුන් ඉබියතුර ක  ඔවුන් ගේ නම් දෙක ලියල, පාලමේ අත් වැටේ  ඉබියතුර දාලා  ,අමරණියවූ  ප්‍රේමයක් සදහා  යතුර සෙන් නදියට විසිකරනවා ''.... 





මුළු පාලම ඉබියතුරු වලින් පිරි ඉතිරි ගිහින්...එක එක ජාතියේ ඉබි යතුරු ..බයිසිකල් ඉබ්බෝ ත්  දාල තියනවා ..හි ..හි ..

 

හරිම ලස්සන ඉබියතුරු තියනවා .. ඉබියතුර ඒ අවටින් මිලදී ගනත් පුළුවන් .. කළු ජාතිකයන් මෙතන ඉබි යතුරැ විකුනනවා .. නිකම් සාමාන්‍ය ඉබ්බෙක් යුරෝ 4ත් 5 වෙනවා .. යුරෝ 10-15 තත් ඉබ්බෝ ඉන්නවා .. ගොඩක් අය මෙතනින් අරගන්නේ .. එත් විශේෂයෙන්ම ඉබි යතුරු හදාගෙන ආව සංචරකයොත් හිටියා ..


හරිම ආදරණිය සිදුවීම් , සිප වැලද ගැනීම් වලින් පාලම පිරිලා ඉතිරිලා ගිහින් .. අපිනම් ඉතින් ඕව දිහා බැලුවේ නැ , අර ලස්සන, ලස්සන  ඉබ්බෝ දිහා තමයි බැලුවේ ..



 
2010 වසරේදී එක දවසක් උදැසන බලනකොට මේ ඉබ්බෝ එකක්වත් තිබුනේ නැ ලු .. ඒ පාලමේ පැවැත්මට මේ ඉබ්බන්ගේ බර තර්ජනයක් වෙලා නිසා රජයෙන් ඉබ්බෝ කපල දැම්ම කියල කියන්නේ .. එත් ඉතින් අයෙමත් වැඩේ පටන් අරගෙන .. ඒ වගේම යතුරු සෙන් ගගට විසිකරන් නිසා එකෙනුත්  පරිසර දුෂණය වෙනවා .. 

  ඉතින් ආදර ඉබි පාලමත් බලාගෙන අපි Louvre කෞතුකාගාරය  මොනාලිසා බලන්න යන්න පාර පැන්න..
 මේ පින්තුරු මම ම ගත්තු ඒවා ..
 ප :ලි 

“There are two bridges in Paris with the locks, you must be very careful which bridge you put your lock on because Pont des Arts is for your committed love, while Pont de l'Archevêché is for your lover.”

Sunday 23 February 2014

'' ආදරය ''

'' ආදරය  ''

 බ්‍රිතාන්‍ය ගුවන් සේවය වෙළද දැන්වීමක් ..
හදවත සැලෙන ආදර කතාවක් ..
සිතන්නට යමක් ..



 


                             අලුත විවාහ වුන යුවලක් 
            දෙමාපියන් සමග එක නිවසක සමගියෙන් සිටින
      නමුත් අලුත් මනාලියකගේ අහිංසක හීන , සිතුම් පැතුම් ..
                තම ආදරණීය බිරිද සමග ආදරය විදීමට
                    නොහැකිව ලතවෙන සැමියෙක්...
 ඉන්දියානුසමාජයෙන් පමණක් නෙවෙයි අපේ ශ්‍රී ලංකාවෙත් මෙය  සාමාන්‍ය සිදුවීමක්. .වැඩිහිටියන්ට සැලකීම , ආදරය දැක්වේම , වගකීම් යුතුකම් ඉතුකිරිම දරුවෙකුගේ අතින් සිදුවිය යුත්තක්..
එත්  ,විවාහ වුන දෙදෙනෙක් ට තම සිතුම් පැතුම් බෙදා ගන්න , ආදර විදින්න ,  නිදහසක් තිබිය යුතුයි .. වැඩිහිටියනුත් තේරුම් ගත යුතුයි තම දුවට පුතාටත් ඔවුන්ගේම කියල ලෝකයක් තියන බව හා ජීවිතය විදින්න  නිදහස ලබාදෙන්න ..
ඇසට කදුලක් එකතුකරමින් , සිතන්නට යමක් ඉතුරු කල සංවේදී කතාවක් ..

 

Wednesday 19 February 2014

          Stonehenge - English Heritage

                                  ( සටෝන්හේන්ජ් )

             *  It is an icon of Britain, 

                *  a wonder of the world,

                 * a spiritual place and a source  of inspiration. 

http://www.english-heritage.org.uk/daysout/properties/stonehenge/discover/meaning-of-stonehenge/ 

එංගලන්තයේ    සටෝන්හේන්ජ් පිහිටලා තියන්නේ Salisbury තැනිතලාවේ පුංචි කදු ගැටයක් උඩ ...සටෝන්හේන්ජ්  වලට යන පාර තියෙන්නේ ලස්සන  තැනිතලා, කදු හා ගම්මාන  මැදින්  හරිම ලස්සනයි ඒ වගේම පුදුම සීතලක් ..

Salisbury තැනිතලාව
                                           
මුලින්ම හම්බවෙන්නේ රථ ගල .. එතැන් වාහන නවත්තල තමයි යන්න ඕන...  උෂ්ණත්වය 2C .. පරිසරය හරිම ලස්සනයි.. ඉර එලය හොදින් තිබුනත් සිතලනම් අඩුවක් නැ ... එතනට යන්තමට සටෝන්හේන්ජ් පෙනෙනවා .. සංචාරක කණ්ඩායම් ගොඩක් පැමිණෙන්න ස්ථානයක් වුනත් එතරම් පිරිසක් හිටියේ නැති නිසා  නිදහසේ චායාරුප  ගන්නත් සැරි සරන්නත් පුළුවන් වුණා ..

එතනම තියන කාර්යාලයෙන් ticket ගන්න පුළුවන්.. ලොකු එක්කෙනුකුට පවුම් 8.. ticket එක්කම  පොඩි Audio guide එකක්  ලැබෙනවා අපිට ticket එක්ක ලැබෙන map එකේ  එක එක තැන වල අංක සටහන් වෙලා තියනවා ..අපි අදාල තැනට ගිහින් එතැන තියන අංකය Audio guide එබුවහම එතන ගැන හැදින්ව්මක් ප්‍රචාරය වෙනවා ..

Ticket

ඊටපස්සේ පුංචි පාරක් දිගේ උඩට යන්න ඕන.. එතකොට ටිකක් ඇතින් තැනිතලාව මැද පිහිටපු Stonehenge  දකින්න ලැබෙනවා..

 
පෙර තිබුන ආකාර දැක්වෙන පින්තුරයක්

             එංගලන්ත උරුමයට අයිති වන ස්ටෝන්හේජ් ලෝකයේ පුදුමයන් අතරින් එකක් .. යුරෝපයේ ප්‍රාග්  එතිහාසික සිහිවටනයක් ලෙස   සලකන අතර 3000 BC සාදන ලද්දක් සේ සැලකේ .සටෝන්හේන්ජ් පිළිබද මතවාද කිහිපයක් තිබුනත්  කවදා  කවුරුන් කුමකට මේක හැදුවද කියල තාමත් සදහන් වෙන්නේ නැ ..                         


Stonehenge


 මේ සදහා ගල් වර්ග 2 බාවිතා කරලා තියනවා
                                                        * sarsen stones
                                                        * blue stones


   Sarsen stones  - ගල් වර්ගය Marlborough Downs නම් 32km  අතින් වූ ප්‍රදේශයෙන් ගෙනවිත්  ඇතැයි    සැලකෙන අතර එක ගලක් ටොන් 25 පමණ වේ අඩියේ ගලක් ටොන් 30  පමණ වේ  

    Blue stones  -    මේ ගල් වර්ගය south-west Wales වලින් (386 km දුරින් ).. blue stone  කියුවට මේ ගල් නිල් පට නැ .. ගල තෙමුනහම හරි කැඩුනොත් නිල්පාට හුරු පැහැයක් ගන්නවා  කියල කියන්නේ .. එක ගලක් ටොන් 2-5 වෙනවා. සමහර මිනිසුන් විශ්වාස කකරනවා මේ ගල් ගැසියර් කින් මෙහෙට එන්නට ඇති කියා .. එත්  සමහර  archaeologists කියන්නේ මේ ගල් මිනිසුන් ගොඩබිමෙන් හා ගංගා මාර්ගයෙන් ගෙන්න ඇති කියලා .

පුරාවේදීන් තර්ක අනුව මෙය පෞරාණික රෝම පන්සලක්  හෝ දෘඩ්වරුන් සාදන ලද්දක් සේ සලකනවා ...
     ආගමික නිකායන් පුජක වරු (Druids)සහ මිත්‍යා දෘෂ්ටිකයන්  (Pagans) සැම වසරකම  මෙහි පැමිණ solstice ලෙස හදුන්වන  ග්‍රීෂ්ම සෘතුව මැද  (summer ) හා ශිත සෘතුව මැද (winter ) දිනක දී  ඉර උදව සමග ආගමික පුදපුජා  පවත්වයි .එලෙසම  equinox    ලෙස හදුන්වන  සරත්  සෘතුව ( autumn)  වසන්ත සෘතුව  (spring) දී ද මෙලෙස ආගමික වතාවත් සිදු කරයි ..
Stonehenge වටේ ම ගිහින් විස්තර බලාගන්න පුළුවන්..
 පිටවෙන ස්ථානයේ souvenir shop එකක් සහ snack bar තියනවා..තැනිතලාවේ සීතලේ ගැහෙමින් ඇවිදලා එනගමන් උණු උණු කොපි එකක් බොන්නත් සමරුවක් ගන්නත්  අමතකකලේ නම් නැ ..

 මේ සියලුම චායාරුප phantaghiro ම ගතත් ඒවා ..
 සමහර වචන සිංහලෙන් ලියන්න අමාරුයි .. ඒ නිසා ඉංග්‍රීසි වචන එලෙසම සදහන් කළා .
.

Friday 14 February 2014



     එන්න ... සතුට  විදින්න ...



                        සැහෙන්න කලෙක ඉදන් බ්ලොග් කියවන් නෙක් ...
                        මාතලන්ගේ බ්ලොග් පාඩම් දැක්කහම්   තමයි බ්ලොග් එක පටන්ගන්න හිතුනේ ..
                        ඉතින් පටන් ගන්නම් බ්ලොග් ලියන්න ...  ජීවිත බෙදාගන්න ..

                                      මම Fantaghirò ( ෆන්ටග්හිරෝ )
                                                   එන්න ....සතුට  විදින්න   come ...!!!  feel the happiness